අපගේ සේවා

සයිබර් ප්‍රහාරවලින් මෘදුකාංග යෙදුම් ආරක්ෂා කර ගැනීම

පුළුල් ආරක්ෂක පියවර සහ අති නවීන තාක්ෂණය  ඔස්සේ සයිබර් තර්ජනවලින් මෘදුකාංග යෙදුම් ආරක්ෂා කිරීම  පිළිබඳව  විශේෂඥ දැනුමෙන් අපි සන්නද්ධව සිටින්නෙමු. ඔබගේ යෙදුම්වලට එල්ල විය හැකි අනතුරු හඳුනා ගැනීම සඳහා අප විසින්  පුළුල් අවදානම් තක්සේරු, කේත සමාලෝචන සහ විනිවිදයෑම් පරීක්ෂණ පවත්වනු ලැබේ ඔබේ මෘදුකාංගය සයිබර් ප්‍රහාරවලට ඔරොත්තු දෙන බව සහතික කිරීම සඳහා ක්‍රියාකාරී ආරක්‍ෂාව කෙරෙහි අවධානය යොමු කරමින්, ශක්තිමත් ෆයර්වෝල්, ආක්‍රමණය හඳුනාගැනීමේ පද්ධති සහ සංකේතාංකන ප්‍රොටෝකෝල අප විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. අපගේ ප්‍රවීණයන් නවතම ආරක්‍ෂණ ප්‍රවණතා පිළිබඳව යාවත්කාලීන දැනුමෙන් සන්නද්ධව සිටින අතර, අඛණ්ඩ අධීක්‍ෂණ සහ  සිදුවීම් සඳහා ක්ෂණික ප්‍රතිචාර සැපයීමේ හැකියාව අප සතු වේ. අප සමඟ ගොඩනගා ගන්නා හවුල්කාරීත්වය  තුලින්, පරිණාමය වන සයිබර් තර්ජනවලින් ඔබේ මෘදුකාංග යෙදුම් ආරක්ෂා වී බව සහ ඔබේ වටිනා දත්තවල අඛණ්ඩතාව සහ රහස්‍යභාවය ආරක්ෂා වී ඇති බව තහවුරු කර ගත  හැකියි.

  • ජංගම යෙදුම් සඳහා අවදානම් තක්සේරුව – ඇන්රොයිඩ් (Android), අයිඕඑස් (IOS), සහ හාමනි (Harmony)
  • මෘදුකාංග යෙදුම්, වෙබ් යෙදුම් සහ ගෙවීම් ද්වාර සඳහා අවදානම් තක්සේරුව
  • CBSL මාර්ගෝපදේශ යටතේ ගෙවීම් සම්බන්ධ ජංගම යෙදුම් සඳහා VAPT
  • ආරක්ෂණය පිළිබඳ පුහුණුව සහ දැනුවත් කිරීම
  • ආරක්ෂණ සිදුවීම්වලට  ප්‍රතිචාර දැක්වීම

ආරක්ෂිත ජාලය සහ මේඝ (CLOUD) යටිතල පහසුකම්

ඔබගේ ඩිජිටල් වත්කම්වල උපරිම ආරක්ෂාව සහතික කරනු වස් ඔබගේ ජාලය සහ ක්ලවුඩ් (cloud) යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා  අපි ඇප කැපවී සිටිමු. අවදානම් හඳුනා ගැනීම සඳහාත් ඒවා ඵලදායී ලෙස විසඳුම් ලබා දීමේ අරමුණින්  ගැළපෙන විසඳුම් සැලසුම් කිරීම සඳහාත්  පුළුල් ආරක්ෂණ තක්සේරුවක් අපි ඔබට ලබා දෙන්නෙමු.  ශක්තිමත් සත්‍යාපනය සහ ප්‍රවේශ පාලන යාන්ත්‍රණ, පරිවර්තිත දත්ත සම්ප්‍රේෂණය සහ තත්‍ය කාලීන තර්ජන හඳුනාගැනීමේ පද්ධති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපගේ කාර්ය මණ්ඩලය ප්‍රවීණත්වය ලබා සිටී. එමෙන්ම අපි, විශිෂ්ට පරිචයන් කෙරෙහි අවධානය යොමු කරමින්, අනවසර ප්‍රවේශයන් සහ දත්ත උල්ලංඝනය කිරීම් වළක්වා ගැනීම සඳහා ෆයර්වෝල්, රවුටර සහ ක්ලවුඩ් (cloud) ආරක්ෂණ සේවා වින්‍යාස කර අධීක්ෂණය කරන්නෙමු. අප සමග හවුල්කාරීත්වය ගොඩනගා ගැනීම තුලින් ඔබේ ජාලය සහ ක්ලවුඩ (cloud) යටිතල පහසුකම්වලට එල්ල විය හැකි සයිබර් තර්ජනවලට එරෙහිව ඒවා ආරක්ෂා කර ඇති බවට  විශ්වාසය ගොඩ නගා ගැනීමට ඔබට හැකි වනු ඇත. එමගින්  ඔබේ ව්‍යාපාරික කටයුතු  විශ්වසනීයත්වයෙන් සහ සැහැල්ලු මනසකින් පවත්වා ගෙන  යාමට ඔබට හැකි වනු ඇත.

  • අභ්‍යන්තර සහ බාහිර ජාලවලට ඇති විය හැකි අවදානම් තක්සේරු කිරීම්
  • විනිවිදයෑම පරීක්ෂා 
  • ක්ලවුඩ ආරක්ෂක සමාලෝචන
  • රැහැන් රහිත ජාල ආරක්ෂණය පිළිබඳ සමාලෝචන
  • ජාල ගෘහ නිර්මාණ සමාලෝචන
  • ෆයර්වෝල් රීති මත පදනම් වූ සමාලෝචන
  • රවුටර සහ ස්විචයන්හි  වින්‍යාස සමාලෝචන
  • ප්‍රධාන පරිගණක මෙහෙයුම් පද්ධති (OS) වින්‍යාස සමාලෝචන
  • දත්ත මධ්‍යස්ථානවල  භෞතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචන

GRC –පාලනය අවදානම සහ අනුකූලතාව

ආරක්‍ෂාව සහ නියාමන අවශ්‍යතා පිළිබඳ සංකීර්ණ පසුබිම්වල සැරිසැරීමට  ඔබේ සංවිධානයට හැකියාව ලබා දීම සඳහා අපි, පාලනය, අවදානම් සහ අනුකූලතා (GRC) සේවාවන් සම්බන්ධයෙන් විශේෂඥතාවක් ලබා සිටින්නෙමු. දත්ත ආරක්ෂණය, පෞද්ගලිකත්වය සහ අදාළ නීති සහ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බව සහතික කිරීම සඳහා ඵලදායි ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ පාලනයන් ස්ථාපිත කිරීම සඳහා  අවශ්‍ය සහය ලබා දෙමින් GRC වෙත පරිපූර්ණ ප්‍රවේශයක් අප විසින් ඔබට පිරිනමනු ලැබේ.  ඇති විය හැකි  තර්ජන සහ අවදානම් අවම කිරීම සඳහා අපගේ විශේෂඥයින් විසින් ඒ පිළිබඳව වටිනා  අවබෝධයක් ලබා දෙමින් පුළුල් අවදානම් තක්සේරු සිදු කරනු ලැබේ. අනුකූලතා ක්‍රියාවලීන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් යුතුව විගණන කටයුතුවලට පහසුකම් සැලසීම සඳහාත් සහ ඔබේ ව්‍යාපාරික ඉලක්ක සමඟින් ආරක්ෂණ උපාය මාර්ග පෙළගස්වීම සඳහාත්  අපි සහාය වන්නෙමු. අපගේ GRC සේවාවන් සමඟින්, ඔබට විශ්වාසයෙන් යුතුව අවදානම් කළමනාකරණය කිරීමට, අනුකූලතාව සනාථ කිරීමට සහ ඔබේ කීර්ති නාමය ආරක්ෂා කරනු ලබන  සහ ඔබේ ව්‍යාපාරයේ අභිවෘද්ධිය තිරසාරවත්වය තහවුරු කරනු ලබන  ආරක්ෂණ සූදානමක්  ගොඩනගා ගත හැකිය.

  • තොරතුරු තාක්ෂණ සාමාන්‍ය පාලන සමාලෝචන
  • තොරතුරු තාක්ෂණ අවදානම් තක්සේරු කිරීම්
  • තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාපටිපාටිය සංවර්ධනය කිරීම සහ සමාලෝචනය
  • තොරතුරු ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය (ISMS) අභ්‍යන්තර විගණන
  • සයිබර් ආරක්ෂණ සූදානම තක්සේරු කිරීම් 
  • ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සහ ආපදා ප්රතිසාධන සැලැස්ම සමාලෝචන

ඩිජිටල් වෝහාරික පරික්ෂණ

අපගේ කණ්ඩායම ඩිජිටල් වෝහාරික පරික්ෂණ විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමකින් යුක්ත පිරිසක් වන අතර, ඩිජිටල් සාක්ෂි අනාවරණය කර ගැනීම සහ විශ්ලේෂණය කිරීම සඳහා අප විසින් අති නවීන විමර්ශන සේවා සපයනු ලැබේ. සංකීර්ණ සයිබර් සිද්ධීන්, දත්ත උල්ලංඝනය කිරීම සහ අනවසර ප්‍රවේශයන් සඳහා විසඳුම් ලබා දීම සඳහා අපි පුද්ගලයන්ට සහ සංවිධානවලට සහාය වෙමු. විවිධ මූලාශ්‍රවලින් ඩිජිටල් දත්ත ලබා ගැනීම, සංරක්ෂණය කිරීම සහ විශ්ලේෂණය කිරීම සඳහා  අපගේ ඩිජිටල් වෝහාරික පරික්ෂණ විශේෂඥයින්  විසින් අති නවීන මෙවලම් සහ ක්‍රමවේද භාවිතා කරනු ලැබේ. සයිබර් ප්‍රහාරයක මූලාශ්‍රය හඳුනා ගැනීම, මකා දැමූ ගොනු ප්‍රතිසාධනය කිරීම හෝ නීතිමය ක්‍රියාමාර්ගවලදී විශේෂඥ සාක්ෂි ඉදිරිපත් කිරීම යනා දී ඕනෑම කරුණක්  සම්බන්ධයෙන්  අපි අපගේ විශ්වාසදායක සහ කාර්යක්ෂම විසඳුම් ලබා දෙන්නෙමු. අපගේ ඩිජිටල් වෝහාරික පරික්ෂණ සේවා මඟින්, ඩිජිටල් සිදුවීම් සම්බන්ධයෙන් මූලික අවබෝධයක් ලබා ගැනීමට, අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට, සහ ඔබේ සමස්ත සයිබර් ආරක්ෂණ සූදානම වැඩිදියුණු කිරීමට ඔබට හැකි වේ. 

  • ව්‍යාජ ගෙවීම් උපකරණ පිළිබඳ විමර්ශන (ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනතට අනුව)

  • අනිෂ්ට මෘදුකාංග සිදුවීම්

  • ඊමේල් සම්බන්ධ ඩිජිටල් අධිකරණ වෛද්‍ය විද්‍යාව

  • විමර්ශන

  • CCTV වීඩියෝ දර්ශන වැඩි දියුණු කිරීම්

  • දත්ත ප්‍රතිසාධනය

  • දත්ත මකා දැමීම

කාර්ය මණ්ඩලයේ තොරතුරු සහ ආරක්ෂණ ශක්‍යතා වර්ධනය කිරීම

ඔබේ ශ්‍රම බලකායේ තොරතුරු සහ ආරක්‍ෂණ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ කුසලතාවලින් ඔවුන් සවිබල ගැන්වීම කෙරෙහි අපි අවධානය යොමු කරන්නෙමු. ඔබේ ආයතනයේ නිශ්චිත අවශ්‍යතාවලට සහ කර්මාන්ත ප්‍රමිතීන්ට ගැළපෙන පරිදි  සකස් කරන ලද විස්තීරණ පුහුණු වැඩසටහන් අප විසින් පිරිනමනු ලැබේ.  අපගේ වැඩමුළු මගින් සයිබර් ආරක්‍ෂාව පිළිබඳ විශිෂ්ට පරිචයන්, දත්ත ආරක්‍ෂාව, සමාජ ඉංජිනේරුවිද්‍යාව (social engineering) පිළිබඳව  දැනුවත් කිරීම සහ ආරක්‍ෂිත කේතීකරණය ඇතුළුව පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරනු ලැබේ. ප්‍රායෝගික අභ්‍යාස සහ ආකර්ශණීයය ඉගෙනුම් ක්‍රමවේද ඔස්සේ, ආරක්ෂණ තර්ජන ඵලදායි ලෙස හඳුනා ගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ  විශේෂඥ දැනුමෙන් අපි ඔබේ කාර්ය මණ්ඩලයට සන්නද්ධ කරන්නෙමු. අපගේ පුහුණුව ලැබීමෙන් පසු, මිනිසා  සම්බන්ධ ආරක්ෂණ උල්ලංඝන අවදානම අවම කරමින් සහ ආයතනය තුල ආරක්‍ෂාව සම්බන්ධයෙන් සවිඥානක සංස්කෘතියක් පෝෂණය කරමින් ඔබ ආයතනයේ  සේවකයන් ශක්තිමත් ආරක්ෂක පවුරක් බවට පත් වනු ඇත. 

  • තොරතුරු සහ සයිබර් ආරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණුව
  • අන්තර්ජාල සහ ඊමේල් ආරක්ෂාව
  • සමාජ මාධ්‍ය ආරක්ෂාව
  • යෙදුම් ආරක්ෂණ පුහුණුව
  • අධිකරණ වෛද්‍ය පුහුණුව
  • සයිබර් පෙරහුරු සහ ටේබල්ටෝප් ( tabletop) අභ්‍යාස

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

Copyright © 2023 SRI LANKA CERT | CC