පුවත් සහ සිදුවීම්

රාජ්‍ය සහ පෞද්ගලික අංශයවලට සයිබර් ආරක්ෂණ පුහුණුව ලබා දිම

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) විසින් රාජ්‍ය සහ පෞද්ගලික යන  අංශ දෙකම සඳහා  පුළුල්  සයිබර් ආරක්ෂණ පුහුණුවක් ඉතා සූක්ෂම ලෙස සංවිධානය කරමින් සයිබර් ආරක්ෂණ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල පෙරමුණ ගෙන සිටී. අපගේ වැඩසටහන් මගින් සාම්ප්‍රදායික ඉගෙනුමෙන් ඔබ්බට ගොස්, පරිණාමය වන ඩිජිටල් තර්ජනවලට එරෙහිව කටයුතු කිරීමට හැකි වන ආකාරයෙන් සහභාගිවන්නන් අති නවීන ක්‍රමවේද පිළිබඳව දැනුමෙන් සන්නද්ධ කරනු ලැබේ. විශේෂඥ මගපෙන්වීම, සැබෑ ලෝකයේ පැවතිය හැකි ක්‍රියාවලියක හෝ පද්ධතියක අනුකරණ නිරූපණය,  සහ සහයෝගීතා අභ්‍යාස සමඟින්, ජාතිය වෙනුවෙන්  ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් සහතික කරමින්, ඔවුන්ගේ ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට අවශ්‍ය බලය  ආයතනවලට අපි ලබා දෙන්නෙමු. අන්තර් සම්බන්ධිත ලෝකයක් තුල දැනුම උපයෝගී කර ගැනීම  සහ ආරක්ෂක පියවර  තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා  අප හා එක්වන්න.

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් පොදු ජනතාව දැනුවත් කිරීම

 සයිබර් ආරක්‍ෂාව පිළිබඳව සාමාන්‍ය ජනතාව සතු   අවබෝධය ප්‍රවර්ධනය කිරීම සඳහා  ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) මූලිකත්වය ගෙන කටයුතු කරයි. ඉතා සූක්ෂම ලෙස සංවිධානය කරන ලද වැඩසටහන් මගින්, මාර්ගගත  තර්ජන, ආරක්ෂිත සෙවුම් (browsing)  පරිචයන් සහ දත්ත ආරක්‍ෂාව සම්බන්ධයෙන්   පුද්ගලයන්ට අවශ්‍ය දැනුම ලබා දෙමින් ඔවුන් සවිබල ගන්වන්නෙමු. සයිබර් ආරක්ෂණයේ සංකීර්ණ ක්ෂේත්‍රය පිළිබඳව පැහැදිලි  කිරීම, ඩිජිටල් ජීවිත ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික මෙවලම්වලින් සහභාගීවන්නන් සන්නද්ධ කිරීම අපගේ වැඩසටහන්වල අරමුණයි. විශේෂඥ දැනුම ලබා දෙන අතරතුර  අන්තර්ක්‍රියාකාරී සැසි පවත්වමින්, පරිණාමය වන සයිබර් අවදානම්වලට එරෙහිව කටයුතු කිරීමට හැකි වන ආකාරයෙන් ජාතිය ශක්තිමත් කරමින් ඩිජිටල් යුගය තුල සුපරීක්ෂාකාරීව සිටීමේ වැදගත්කම ඔවුනට  අවධාරණය  කරන්නෙමු.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

Copyright © 2023 SRI LANKA CERT | CC